මහරගම ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ “මකාඳුරේ මධුෂ්”ගේ බිරිඳ සහ පුතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය පවසන පරිදි, අදාළ පහරදීම සිදුව ඇත්තේ මධුෂ්ගේ බිරිඳ සහ මෙම කොස්තාපල්වරයා අතර පැවති බව කියන අනියම් සබඳතාවයක් මුල් කරගනිමිනි.
මධුෂ්ගේ බිරිඳගේ නිවසේ පැවති උපන්දින සාදයක් අතරතුරදී ඇය, ඇගේ පුත්‍රයා සහ තවත් පිරිසක් එක්ව මෙම කොස්තාපල්වරයාට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














