පෙබරවාරි 06 – වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු රාජකාරි නිවාඩු ලබා සිය නිවස බලා යමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේදී දරුණු කොල්ලකෑමකට ලක්ව තිබේ. ගෝණපීනුවල පදිංචි මෙම නියාමකවරයා ඊයේ (05) රාත්‍රී 9.45ට පමණ හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඔහුගේ යතුරුපැදිය පැහැරගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ නියාමකවරයා පළමුව ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, හික්කඩුව පොලිසිය සහ ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වයි.














