පෙබරවාරි 06 – බෝඹුරු දිය ඇල්ල නැරඹීමට පැමිණි 26 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකට ලිංගික අතවර කළ බවට සැකපිට 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගිය 04 වනදා සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අදාළ විදේශීය තරුණිය ත්‍රීරෝද රථයකින් දිය ඇල්ල නැරඹීමට යන අතරතුර මාර්ගයේදී මෙම අතවරයට මුහුණ දී ඇති අතර, ඇය ඒ පිළිබඳව සංචාරක පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (05) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ලංකාවේ සංචාරක කර්මාන්තයට හානිකර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.














