බේරුවල අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් හත්දෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (05) මෙම ගැටුම හටගෙන ඇත්තේ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලය සහ වලතර මහා විද්‍යාලයේ සිසුන් අතරයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පාදාගොඩ මහා විද්‍යාලයේ සංවිධානය කර තිබූ ඉතිහාසය විෂය පිළිබඳ සම්මන්ත්‍රණයක් අතරතුර මෙම ගැටුම ආරම්භ වී ඇත.
වලතර මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී සිට ඇති අතර, එහිදී දෙපිරිස අතර ඇති වූ වාචික තර්කයක් දුරදිග ගොස් තිබේ.
සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසු පාදාගොඩ මහා විද්‍යාලය අසලදී වලතර විද්‍යාලයේ සිසුන්ට පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
මෙම පහරදීම සඳහා පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයින් පිරිසක් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. වලතර මහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් මේ සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.














