ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම සහන ප්‍රදානය සිදු කෙරෙන බවයි. මෙහිදී කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පූර්ණ හා අර්ධ නිවාස හානි සිදුවූ පවුල් සඳහා වන්දි පිරිනැමෙන අතර, ආපදාවෙන් විනාශ වූ කර්මාන්ත සහ යන්ත්‍රෝපකරණ යළි සැකසීම වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ මූල්‍ය ආධාර ලබාදීමට ද නියමිතව ඇත.
මෙම සංචාරයට සමගාමීව මහනුවර යාපනය A-9 මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙන අතර, අතරමග නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ වැඩකටයුතු ද හෙට සිට යළි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.














