රුපියල් මිලියන 46කට (කෝටි 4.6කට) ආසන්න වත්කම් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන පෙබරවාරි 20 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, සැකකරු විමර්ශන ආරම්භයේ සිටම ඒ සඳහා නිසි සහායක් ලබා දී නොමැති බවයි. එවැනි තත්ත්වයක් තුළ සැකකරු ඇප මත මුදා හැරියහොත් ඉදිරි විමර්ශනවලට බාධා ඇති විය හැකි බව නිරීක්ෂණය කළ අධ්‍යක්ෂවරයා, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














