පෙබරවාරි 06 – රජය විසින් ඉදිරිපත් කර ඇති “2025 පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ (Protection of Occupants)” පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිත භාවය ප්‍රශ්න කරමින් ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ නිර්ණායක පෙත්සමක් ගොනු කර තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත මගින් පරිශ්‍රවල පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීම වැළැක්වීම සඳහා නීතිමය ආරක්ෂාව සැලසීමට අපේක්ෂා කෙරේ.
පෙත්සම්කාර ව්‍යාපාරිකයා චෝදනා කරන්නේ මෙම පනත් කෙටුම්පතේ 1 සිට 14 දක්වා වන වගන්ති මගින් ජනතාවගේ පරමාධිපත්‍යය සුරක්ෂිත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 යන වගන්ති උල්ලංඝනය වන බවයි. එබැවින් මෙම පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තට අමතරව ජනමත විචාරණයකින් ද අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.














