ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ දීර්ඝකාලීන පෙත්සමක් සලකා බැලීම මදුරාසි මහාධිකරණය විසින් පෙබරවාරි 16 වැනිදා දක්වා කල් තබා තිබේ. මධ්‍යම රජයේ නීතිඥවරයා කරුණු දැක්වීම සඳහා තවත් කාලය ඉල්ලා සිටීම හේතුවෙන් අධිකරණය මෙම තීරණය ගෙන ඇත.
මෙම අභියාචනය 2013 වසරේදී ඉදිරිපත් කරනු ලැබුවේ මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (MDMK) පක්ෂයේ මහලේකම් වයිකෝ විසිනි. 1991 වසරේ සිට ඉන්දියාව තුළ නීතිවිරෝධී සංගමයක් ලෙස නම් කර ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.
අද (06) දින විනිසුරු ඇනීටා සුමන්ත සහ මුම්මිනේනි සුධීර් කුමාර් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර, රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මත නඩුව පෙබරවාරි මැද දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල එකඟ විය.














