වනජීවී ආඥා පනත උල්ලංඝනය කරමින් ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.
සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














