තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන රටවල් නියෝජනය කරන විදේශීය භික්ෂූන් වහන්සේලා සහ මෙරට භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ධර්ම යාත්‍රා’ පාද චාරිකාව පසුගිය 03 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසින් ආරම්භ විය.
මෙම පාද චාරිකාව ඊයේ (05) සවස අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ දළදාගම මංසන්ධිය පසු කරමින් ගමන් කළ අතර, මග දෙපස රැස්ව සිටි බැතිමතුන් පාවඩ එලමින් සහ පිරිකර පූජා කරමින් උන්වහන්සේලාට ගෞරව දැක්වූහ. පෙර දින ගල්ගමුව ප්‍රදේශයේ නවාතැන් ගත් භික්ෂූන් වහන්සේලාට බලල්ල දිඹුල්ගිරි රජමහා විහාරස්ථානයේදී නවාතැන් පහසුකම් සලසා තිබුණි.
මෙම ධර්ම යාත්‍රාව ඉදිරි දිනවලදී වාරියපොළ, කුරුණෑගල, මාවතගම සහ කටුගස්තොට හරහා මහනුවර දළදා මාලිගාව වෙත ළඟා වීමට නියමිතය. අනතුරුව නාවලපිටිය හරහා ශ්‍රී පාදස්ථානය වන්දනා කර කැලණිය රාජමහා විහාරය දක්වා ගමන් කිරීමට කටයුතු යොදා ඇත.














