මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස මහනුවර – යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ විය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 699.6ක මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත. මෙම ඉදිකිරීම් කටයුතු අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.
උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර එම ස්ථානයට රැස්ව සිටි මහජනතාව සමඟ ද සුහද කතාබහක නිරත විය.














