පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ නිලධාරීන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කරමින්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීමක් කළේය. දැනට සේවයේ සිටින මහලේකම්වරිය සහ සහකාර මහලේකම්වරයා ද පරීක්ෂාවෙන් සිටිය යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
චමින්ද කුලරත්න මහතා තනතුරෙන් ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බවත්, මෙවැනි ක්‍රියා හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයම කලකිරීමට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට පාර්ලිමේන්තුව යොදා නොගෙන, සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














