පෙබරවාරි 06 – මාදැල් කර්මාන්තය සඳහා යාන්ත්‍රික උපකරණ භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ ධීවර සත්‍යග්‍රහය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක විය. අද පස්වරුවේ ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බැවින් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බව සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු වීම හේතුවෙන් ධීවර නියෝජිතයින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී සිය ගැටලු ඉදිරිපත් කරන ලදී. එහිදී කාදිනල් හිමිපාණන් පොරොන්දු වූයේ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිළිවෙත්වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර, විශේෂඥ වෛද්‍යවරුන් සිය ආවරණ රාජකාරිවලින් ඉවත් වීම හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.














