ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 11 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ඊයේ (06) දහවල් කාලයේදී මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම සිසුවිය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඇය අලුකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














