පෙබරවාරි 07 – වත්මන් විපක්ෂයට කිසිදු ජන වරමක් නොමැති බවත්, ඔවුන් සිදුකරන “වොයිස්කට්” දේශපාලනයට හෝ මාධ්‍ය සන්දර්ශනවලට රජය කිසිසේත් බිය නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (06) පස්වරුවේ පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
නීතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව විපක්ෂය මේ වන විට බියට පත්ව සිටින බවත්, ඔවුන්ට එරෙහිව ජනතාව ලබා දී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය නිසි ලෙස විමර්ශන පවත්වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ මහජන දේපළ කොල්ලකෑ මංකොල්ලකරුවන්ට හෝ අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඔවුන් සියලු දෙනා නීතියේ රැහැනට හසුකර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය මෙහෙයවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දූෂිතයන් හෝ මූල්‍ය අවභාවිත කරන්නන් පොලිසියට හෝ CID එකට කැඳවූ විට ඔවුන් මහා ජන බලයක් ඇති බව පෙන්වීමට උත්සාහ කළ ද, රජය එම බලපෑම් හමුවේ පසුබට නොවන බව අමාත්‍යවරයා මෙහිදී සහතික විය.














