මහනුවර, ගලහ ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 46 හැවිරිදි මවක් සහ ඇගේ 13 හැවිරිදි දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ගලහ, නවනැලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.
ගලහ පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ අනාරක්ෂිත විදුලි රැහැනක් හෝ විදුලි උපකරණයක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. නිවෙස් තුළ විදුලිය පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත්, ට්‍රිප් ස්විචය ඇතුළු ආරක්ෂිත උපාංග නිසි පරිදි ක්‍රියා කරන්නේදැයි පරීක්ෂා කරන ලෙසත් බලධාරීන් මෙවැනි අනතුරු හමුවේ මහජනතාවගෙන් ඉල්ලා සිටී.














