ශ්‍රී ලංකාවේ ඇතැම් “මානුෂීය හිමිකම් ක්‍රියාකාරීන්ගේ” සැබෑ මුහුණුවර ලොවම කැළඹූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) රහස්‍ය ලේඛන හරහා අනාවරණය වී තිබේ. ලිංගික අපරාධකරුවෙකු ලෙස ප්‍රකටව සිටි එප්ස්ටයින් 2019 වසරේදී බන්ධනාගාරය තුළ මියගිය අතර, ඔහුට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් දහස් ගණනක ලේඛන අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කරමින් සිටියි.
මෙම අතිශය ආන්දෝලනාත්මක ලේඛන තුළ යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ආචාර්න්ගේය සංගමය (UTHR-J) නමින් පෙනී සිටි “හූල් සහෝදරයන්” (Hoole Brothers) පිළිබඳ තොරතුරු ඇතුළත් වී ඇති බව වාර්තා වේ. පසුගිය කාලසීමාව පුරා දෙමළ ජනතාවගේ දේශපාලන අරගලය කොන් කරමින් සහ එය දැඩි ලෙස විවේචනය කරමින් මානුෂීය හිමිකම් වාර්තා සකස් කළ මෙම පුද්ගලයින්, ලෝකයේ ප්‍රධාන පෙළේ ලිංගික අපරාධකරුවෙකුගේ සබඳතා ජාලය තුළ සිටීම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දෙමළ දේශපාලන කරළිය තුළ ද දැඩි කතාබහට ලක්ව තිබේ.
අමෙරිකානු අධිකරණය මගින් මුදාහරින ලද ලේඛන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, එප්ස්ටයින්ගේ අරමුදල් හෝ ඔහුට සම්බන්ධ ජාලයන් හරහා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයින් වෙත ප්‍රතිලාභ ලැබී ඇති බවයි. මෙම ලේඛනවල හූල් යන නාමය සඳහන් වීමත් සමඟ, මානව හිමිකම් ක්‍රියාකාරීන් පිළිබදව බරපතළ ප්‍රශ්න මතු වී ඇත.














