2026 වසරේ ගතවූ මාසයකට අධික කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 212ක් පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ජනවාරි පළමුවැනිදා සිට අද (07) දක්වා සිදුකළ වැටලීම්වලදී හෙරොයින්වලට අමතරව ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 209ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාස ඒකාබද්ධව සිදුකළ මෙම වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 323ක්, හෂීස් කිලෝග්‍රෑම් 88ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 4ක් ද සොයාගෙන ඇත. මීට අමතරව නීතිවිරෝධී මත්පෙති ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා රජය විසින් හඳුන්වා දුන් 1818 කෙටි දුරකතන අංකය වෙත මේ වන විට මහජනතාවගෙන් තොරතුරු 4,766ක් ලැබී ඇති බවත්, එම තොරතුරු මත පදනම්ව ඉදිරි වැටලීම් තවදුරටත් දැඩි කරන බවත් පොලීසිය අවධාරණය කරයි.














