ගෑස් මිල වරින් වර ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ආපනශාලා හිමියන්ද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති අතර, මේ සඳහා රජය මැදිහත් වී වහාම පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දුන්නේ වර්තමානයේ පාලන මිලක් පනවා ඇති භාණ්ඩ ලැයිස්තුවට ගෑස් ඇතුළත් නොවන බැවින්, මිල ඉහළ දැමීම පාලනය කිරීමට නීතිමය වශයෙන් බාධා පවතින බවයි. කෙසේ වෙතත්, අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව මැදිහත් වීමට හැකියාව පවතින බවත්, පසුගිය දිනවල පැවති ගෑස් හිඟය පිළිබඳව ලාෆ්ස් සමාගම සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














