‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි තක්සේරු කිරීම සහ නැවත ගොඩනැඟීමේ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ.
මෙහිදී සුළි කුණාටුව නිසා ඇති වූ භෞතික හානි, ආර්ථික පාඩු සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය කිරීම සිදු කෙරේ. ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායට සමගාමීව මෙම කටයුතු සිදු කෙරෙන අතර, අනුකමිටු අටක් හරහා ප්‍රතිසාධන කටයුතු අධීක්ෂණය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආපදාවලට ඔරොත්තු දිය හැකි තිරසාර ප්‍රතිසාධන සැලැස්මක් සකස් කිරීම සඳහා සියලුම අන්තර් ආයතනික සම්බන්ධීකරණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.














