ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මෙරට විශාලතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ අද (08) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (Green Path) දී පැවැත්වේ. මෙවර එහි 33 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම දැවැන්ත සංස්කෘතික මංගල්‍යය සඳහා කොළඹ මහ නගර සභාවේ වත්මන් පුරපතිනිය වන ව්‍රායි කැලී බල්තසාර් (Vraîe Cally Balthazaar) මහත්මිය ද සහභාගී වී සිටියාය.
ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහය එක්ව සංවිධානය කරන මෙම කලා පොළ හරහා චිත්‍ර ශිල්පීන්ට සහ මූර්ති ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මෙන්ම දෙස් විදෙස් කලා ලෝලීන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට පුළුල් අවස්ථාවක් හිමි වේ. සංගීත ප්‍රසංග, ළමා කලා වැඩමුළු සහ සංස්කෘතික සංදර්ශන රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අද දිනය පුරා විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.














