විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය ලෙස පැවැති නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන ගැටුමෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක අභියෝගාත්මක ඉලක්කයක් ගොඩනැගීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවෝ ආරම්භයේ සිටම වේගවත් ලකුණු පුවරුවක් පවත්වා ගත් අතර, පන්දුවාර 17.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ. මෙහිදී නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ ටිම් සයිෆර්ට් ලකුණු 65ක් රැස් කළ අතර, ග්ලේන් ෆිලිප්ස් පන්දු 25කදී වේගවත් ලකුණු 42ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.














