පැරණි දේශපාලන බලය අහිමි වීම නිසා පීඩාවට පත් පිරිසක් රට නැවත බංකොලොත් වන තෙක් බලා සිටියද, 2026 වසරේදී ශ්‍රී ලංකාව මූල්‍ය හෝ අයවැය අර්බුදයකට පත්වීමට කිසිදු හේතුවක් නැතැයි ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙකු වන චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි. 2025 වසරේදී ශක්තිමත් මූල්‍ය විනයක් යටතේ මෙරට ආර්ථිකය සියලු නිර්නායක අභිබවා ගිය බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (EFF) වැඩසටහනට අනුව වැදගත් වන ශුද්ධ සංචිත (Net Reserves) මට්ටම මහ බැංකුව විසින් සහතික කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම 2024 වසරේදී වාහන ආනයනය නොකර ලබාගත් සංචිත මට්ටමට වඩා, 2025 වසරේදී ඩොලර් බිලියන 3.9ක විදේශ ණය ගෙවා ඩොලර් බිලියන 2.1ක වාහන ආනයනය කරමින් ඩොලර් බිලියන 6.7ක සංචිත පවත්වාගෙන යාම සුවිශේෂී ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කරයි. 2025 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක් වූ අතර, 2026 වසරේදී සියලුම ආර්ථික ක්ෂේත්‍ර 10% ඉක්මවූ වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද ඔහු අනාවැකි පළ කරයි. ඉදිරි වසර 7 තුළම ගෙවීමට ඇති වාර්ෂික විදේශ ණය ප්‍රමාණය 2025 වසරට වඩා අඩු බැවින්, විපක්ෂයට දැන් ආර්ථිකය වෙනුවට ඉතිරිව ඇත්තේ ජාතිවාදය පමණක් බව ද අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.














