පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව දැනට පවතින මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
පෙබරවාරි මාසය සඳහා පවතින මිල ගණන් පහත පරිදි වේ:
– කිලෝග්‍රෑම් 12.5 (ගෘහස්ථ): රුපියල් 3,690.00
– කිලෝග්‍රෑම් 5: රුපියල් 1,482.00
– කිලෝග්‍රෑම් 2.3: රුපියල් 694.00
පාරිභෝගිකයන්ට පෙර පැවති මිල ගණන් යටතේම ගෑස් සිලින්ඩර ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වේ.














