ගාල්ල, කලේගාන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා ඇති බව වාර්තා වේ. ඊයේ (08) රාත්‍රියේ කලේගාන සපුමල් ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කර ඇත.
පොලිස් නිලධාරීන් රථය පසුපස හඹා ගොස් එහි පිටුපසට වෙඩි තබා ඇති නමුත්, රථය වෙඩි ප්‍රහාර හමුවේම පලාගොස් තිබේ. අදාළ මෝටර් රථයේ අංකය අපැහැදිලි බැවින් එය සොයා ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














