14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මගින් 2020/2021 වර්ෂවල අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෝරාගත් සිසුන් 300කට ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබාදීම සිදු විය.














