විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති ජයග්‍රාහී පළමු තරගයේදී ශ්‍රී ලංකා ප්‍රමුඛ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක්ව තිබේ. ඔහුගේ වම් පාදයේ කලවා මාංශ පේශි ආබාධයක් (Hamstring Injury) පවතින බව හඳුනාගෙන ඇති අතර, අද (09) ඔහුව MRI ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය මත ලබන 12 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වෙන මීළඟ තරගය සඳහා වනිඳු සහභාගී නොවන බව වාර්තා වන අතර, ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස දුෂාන් හේමන්තව මහනුවර බලා කැඳවීමට තීරණය කර තිබේ. යම් හෙයකින් වනිඳුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුවහොත්, ඒ සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ හෝ දුෂාන් හේමන්ත ආදේශ කිරීම සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී.














