බදුල්ල නගරය දිවයිනේ ප්‍රධාන ආර්ථික සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා සකස් කළ නව නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 2026 අයවැය යටතේ සංවර්ධනය කිරීමට නියමිත ප්‍රධාන නගර 10 අතරට බදුල්ල නගරය ද ඇතුළත් කර ඇති අතර, එය ප්‍රධාන ව්‍යාපෘති 13ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙම සැලැස්මේ ප්‍රධාන අංග ලෙස නගරය පරිපාලන හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම, ප්‍රධාන මාර්ග හතරක් මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම සහ දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ඒකාබද්ධ කරමින් නව ප්‍රවාහන මධ්‍යස්ථානයක් බිහි කිරීම ඇතුළත් වේ. තවද, නගරයේ පවතින කුණු රඳවනය ඉවත් කර එම ස්ථානයේ නව හොකී ක්‍රීඩාංගනයක් ඉදිකිරීමටත්, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඇතුළු ඒකාබද්ධ ක්‍රීඩා සංකීර්ණයක් ඇති කිරීමටත් යෝජනා වී ඇත.
ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ දුන්හිඳ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශ සංචාරක කලාප ලෙස දියුණු කරමින් නගරයේ ආකර්ෂණය ඉහළ නැංවීම මෙම සැලැස්මේ අරමුණයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට බදුල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගී විය.














