ඉදිරි වසර 10කට අඩු කාලයකදී සඳ මත ‘ස්වයං-වර්ධනය වන නගරයක්’ ඉදිකිරීම කෙරෙහි ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ අවධානය යොමු වී ඇති බව එහි ප්‍රධානී ඉලොන් මස්ක් ප්‍රකාශ කරයි. අඟහරු ග්‍රහයා මත මිනිස් වාසස්ථාන පිහිටුවීමේ සිය දීර්ඝකාලීන අභිලාෂය වසර 5ත් 7ත් අතර කාලයකදී ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද, මානව ශිෂ්ටාචාරයේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් සඳ මත නගරයක් ඉදිකිරීමේ වේගවත් ක්‍රියාවලියට වත්මන් ප්‍රමුඛතාව ලබා දෙන බව ඔහු සිය ‘X’ ගිණුමේ සටහන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා පෘථිවියට ඔබ්බෙන් ස්ථාවර මිනිස් ජනාවාසයක් මුලින්ම සඳ මත ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන අතර, එය අඟහරු ගවේෂණය සඳහා වන මීළඟ පියවරට ශක්තිමත් පදනමක් වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ස්පේස්-එක්ස් සමාගම මගින් නිපදවන ‘ස්ටාර්ෂිප්’ (Starship) යානා මෙහි ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිත අතර, සඳ මත නගරයක් ඉදිකිරීමේ මෙම නවතම ප්‍රකාශය ලොව පුරා අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත්ව තිබේ.














