නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 80ක් වටිනා කෘමිනාශක සහ බීජ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු හෙම්මාතගමදී අත්අඩංගුවට ගෙන තිබේ. තීරුබදු නොගෙවා රහසිගතව මෙරටට රැගෙන ආ මෙම ද්‍රව්‍ය තොගය ගොවීන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී, කෑගල්ල නාරම්බැද්ද විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් විසින් අද (09) මෙම වැටලීම සිදු කරන ලදී.
කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 සහ 45 වයස්වල පසුවන්නන් බව හඳුනාගෙන ඇත. මේ වන විට සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා හෙම්මාතගම පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් හෙට (10) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













