විවිධ අපරාධවලට සම්බන්ධ වී විදේශගතව සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් 103 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි, මෙම වසර තුළ පමණක් රතු නිවේදන නිකුත් කර සිටි අපරාධකරුවන් තිදෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට දැනටමත් පියවර ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ මෙරට නීතියෙන් බේරී විදෙස්ගතව සිටින අනෙකුත් පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර සහාය ඇතිව කටයුතු කරමින් සිටින බවයි.














