අද (09) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ නගරය ලෙස රත්නපුරය සටහන් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයට අනුව අද දින එහි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.3 ක් ලෙස වාර්තා වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත මධ්‍යස්ථාන මගින් ලබාගත් වාර්තා අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල උණුසුම් කාලගුණයක් පවතින අතර, ඉදිරි දිනවලදී ද පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.














