“දුලාන්” සහ “සුන්නා” මෙහෙයවූ මත් ජාලය හෙළිවේ
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා” යන ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන සමීපතමයෙකු ගම්පහ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ගම්පහ පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් විසින් ලබාදෙන උපදෙස් මත මොහු දිවයින පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සොයා පොලිසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.














