ලෝකයේ රටවල් 06 ක සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකළා උළෙල” සඳහා සහභාගී වීමට එස්තෝනියානු නර්තන ශිල්පීන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා ජනකළා උළෙලේ සභාපති තරිඳු ධනංජය මහතා ඇතුළු සංවිධායක මණ්ඩලය ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
එළඹෙන පෙබරවාරි 13 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත කලා මංගල්‍යය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, ආමේනියාව, තායිලන්තය, එස්තෝනියාව සහ පෝලන්තය යන රටවල නර්තන ශිල්පීන් 85 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සමඟ එක්ව ඉදිරිපත් කරන විශේෂ නර්තන ප්‍රසංග සහ වීදි නර්තන සංදර්ශන මාලාවකින් මෙම උළෙල වර්ණවත් වනු ඇත.














