අග්‍රාමාත්‍ය, කථානායක සහ විපක්ෂ නායක සහභාගීත්වයෙන් ජනපති කාර්යාලයේදී සාකච්ඡා
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් මෙම පාලක මණ්ඩලය සමන්විත වේ.
මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ. මීට අමතරව ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ. ආර්. පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍ර සිරි මායාදුන්නේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මීට එක්ව සිටිති.














