මරණයට අතවනන බෝල්ටික් මුහුදේ මාරාන්තික නීති මාලාව මෙන්න
සාමාන්‍යයෙන් රිය පදවද්දී ආසන පටි (Seat Belts) පැළඳීම අනිවාර්ය වුවත්, උතුරු යුරෝපයේ එස්තෝනියාවේ (Estonia) මෑතකදී විවෘත කළ “අයිස් මාර්ගවල” එය සපුරා තහනම්ය! බෝල්ටික් මුහුද දැඩි ලෙස මිදී නිර්මාණය වන මෙම කිලෝමීටර් 25ක මාර්ගයේ ගමන් කිරීම අතිශය අවදානම් සහගතය.
මෙහි ඇති අමුතුම නීති කිහිපයක්:
- ආසන පටි තහනම: අයිස් තට්ටුව කැඩී වාහනය මුහුදට ගිලා බැස්සොත්, ක්ෂණිකව ඉවතට පැනීම සඳහා මෙම නීතිය පනවා ඇත.
- වේග සීමා තහනම: පැයට කිලෝමීටර් 25-40 අතර වේගයකින් ධාවනය සපුරා තහනම්! එම වේගයේදී ඇතිවන කම්පනය (Resonance) නිසා අයිස් තට්ටුව පුපුරා යා හැකිය.
- මීටර් 250ක පරතරය: වාහන දෙකක් අතර විශාල පරතරයක් තිබිය යුතු අතර, කිසිදු තැනක වාහනය නැවැත්වීම තහනම්ය.දූපත් වැසියන්ට කාලය සහ මුදල් ඉතිරි කර දෙන මෙම මාර්ගය, ලොව භයානකම මෙන්ම සුවිශේෂීම මාර්ගයක් ලෙස සැලකේ.














