යදුම්පත් භාරගන්නා අවසන් දිනය පෙබරවාරි 15
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTIC) සාමාජික ධුරයක පවතින පුරප්පාඩුවක් සඳහා නාම යෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගෙන ඇත. 2016 අංක 12 දරන පනත ප්‍රකාරව සිවිල් සමාජ සංවිධාන වෙත මෙම අවස්ථාව හිමිවේ.
සුදුසුකම් සහ කොන්දේසි:
නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය හෝ විද්‍යා හා තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු විය යුතුය.
මන්ත්‍රීවරුන්, රාජ්‍ය හෝ අධිකරණ නිලධාරීන් නොවිය යුතුය.
කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතුය.
ලාභදායී ව්‍යාපාර හෝ වෘත්තීන්හි නිරත නොවිය යුතුය.
අයදුම්පත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් (www.parliament.lk) ලබාගත හැකි අතර, සම්පූර්ණ කරන ලද නාමයෝජනා 2026 පෙබරවාරි 15 දිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්වරයා වෙත යොමු කළ යුතුය.














