වල්බිහිව තිබූ ශාක්‍ය ජනපද භූමියට නව පණක් – තොටුපළවල් ද යළි ක්‍රියාත්මකයි
පිළියන්දල රෙජිඩේල් වත්ත ප්‍රදේශයේ අක්කර 78ක භූමිය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මීට පෙර පැවති රජයන් යටතේ ආරම්භ කර අතරමග නැවතුණු ව්‍යාපෘති හේතුවෙන් වල්බිහි වී තිබූ මෙම භූමිය, යළිත් ඵලදායී ලෙස දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම මෙහි අරමුණයි.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු පිරිසක් අද (10) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ.
මෙම ව්‍යාපෘතියේ විශේෂාංග:
අක්‍රීයව පවතින තුඩුව සහ කහපොළ තොටුපළවල් යළි ප්‍රතිසංස්කරණය කිරීම.
සංචාරක කටයුතු සඳහා පාලම්පාරු සේවාවක් හඳුන්වා දීම.
මත්ලෝලීන් ගැවසෙන ස්ථානයක් බවට පත්ව තිබූ භූමිය ආරක්ෂිත සංචාරක කලාපයක් ලෙස සකස් කිරීම.















