කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ නුසුදුසු සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ ගුරුවරියන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර තිබේ. කෙසේ වෙතත්, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ගුරුවරියන් මෙතෙක් පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවය සඳහා වාර්තා කර නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් මූලික විමර්ශන වාර්තාව ලැබී ඇති බවත්, එහි නිර්දේශ මත පදනම්ව ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පාසල් බලධාරීන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා පාසලෙන් ඉවත් කර ශිෂ්‍ය නායක මණ්ඩලය ද විසිරුවා හැරීමට පියවර ගෙන ඇත.














