ආදායම් බලපත්‍ර, රියදුරු බලපත්‍ර හෝ රක්ෂණ සහතික නොමැතිව මෙන්ම පොලිස් අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මවුපියන්ට රුපියල් 70,000ක දඩයක් ගෙවන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා අද (10) නියෝග කළේය. මෙහිදී වරදකරු වූ සිසුවාට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා, මවුපියන් විසින් මෙලෙස දරුවන්ට වාහන ලබාදීමෙන් සිසුවාට මෙන්ම මහජනතාවටද දැඩි අනතුරක් සිදුවිය හැකි බව අවධාරණය කළේය.
මෙම වරදට වගකිව යුත්තේ මවුපියන් බව පෙන්වා දුන් අධිකරණය, ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් සිදු නොකිරීමට වගබලා ගන්නා ලෙස ඔවුන්ට නියෝග කළේය. ගම්පහ පොලිසියේ රථවාහන අංශය විසින් මෙම නඩුව මෙහෙයවන ලදී.














