ඇසේ සුද ඉවත් කිරීම සහ මයෝපියාව වැනි දෘෂ්ඨි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇසට බද්ධ කරනු ලබන අන්තඃ අක්ෂි කාච (Intraocular Lenses) මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. අදාළ කාච වර්ග 35ක් මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබූ අතර ඒ සඳහා ලංසුකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් වී තිබුණි.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ මත පදනම්ව, අදාළ කාච අයිතම 35න් වර්ග 16ක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයන් පිරිනැමීමට තීරණය වී ඇත. ඒ අනුව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් ලෙස හඳුනාගත් මහනුවර Jayasuriya Associates සහ කොළඹ Elshaddai Enterprises (Pvt) Ltd. යන ආයතන වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.














