2025 රාජ්‍ය නාට්‍ය උලෙළේ අභිමන්වත් සම්මාන ප්‍රදානෝත්සවය අද (10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කර තිබේ.
මෙවර පැවැත්වුණේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අඛණ්ඩව 52වැනි අදියර වන අතර, දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා මාධ්‍යවලින් නිර්මාණ රැසක් ඉදිරිපත්ව තිබුණි. සම්මානයට පාත්‍ර වූ මෙම නිර්මාණවල අවසාන වටයේ නාට්‍ය ප්‍රදර්ශනය 2025 නොවැම්බර් මස 10 වැනිදා සිට 27 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පවත්වනු ලැබීය.














