බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මහල් දහයකින් සමන්විත වකුගඩු ප්‍රතිකාර ඒකකයේ වැඩ කටයුතු කඩිනමින් නිම කර, එහි යෝජිත මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු මධ්‍යස්ථානය ලෙස බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
පුහුණු පහසුකම්: සායනික පුහුණු කටයුතු සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක සහ ආශ්‍රිත ඉගැන්වීම් පහසුකම්වලින් 80%ක ප්‍රමාණයක් මෙමගින් සපුරා ගැනීමට අපේක්ෂිතය.
කොන්ත්‍රාත්තුව ප්‍රදානය: අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කිරීමේ කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම (CESL) වෙත ප්‍රදානය කෙරේ.
ඒකාබද්ධ යෝජනාව: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමි විය.
මෙම ඒකකය කඩිනමින් විවෘත කිරීම හරහා ඌව පළාතේ වකුගඩු රෝගීන්ට මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට ද විශාල සහනයක් සැලසෙනු ඇත.














