කෙරවලපිටිය කසළ අංගනය සඳහා රුපියල් මිලියන 41ක පාඩුවක් රජයට සිදු කරමින් එක්ස්කැවටර් යන්ත්‍ර (Long arm Excavators) මිලදී ගත් බවට එල්ල වූ දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු ප්‍රධාන ඉංජිනේරු බණ්ඩාර සමරකෝන් ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2016 – 2018 ජාතික පරිසර සංරක්ෂණ පුනරුද වැඩසටහන යටතේ වෙන් කළ ප්‍රතිපාදන මඟින් අදාළ යන්ත්‍ර මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙනි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














