රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘RNOV SADH’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (10) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම යුද නෞකාව දිගින් මීටර් 75ක් වේ.
ලුතිනන් කොමාන්ඩර් Shaheen Saud Abdul Rahman AI Balushi මහතා නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරයි.
නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළ එහි නැව් මුළුව කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පවතින සුවිශේෂී සංචාරක ස්ථාන නැරඹීමට ද එක්වීමට නියමිතය.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ නාවික සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














