මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී රාජ්‍ය තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
රැන්සම්වෙයාර් (Ransomware) ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම් වැළැක්වීමට තත්කාලීන තර්ජන අධීක්ෂණය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පහසුකම් රාජ්‍ය ආයතනවලට හිමිවේ.
පළමු අදියර යටතේ හඳුනාගත් වැදගත් රාජ්‍ය ආයතන 37ක් සම්බන්ධ කරන අතර, වසර අවසානය වන විට අනෙකුත් ආයතනද සම්බන්ධ කිරීමට නියමිතය.
මෙම පද්ධතියට සම්බන්ධ වන ආයතන ජාතික විගණන කාර්යාලය මගින් විගණනයට ලක් කෙරෙන අතර, සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් ආරක්ෂණය පිළිබඳ පුහුණුව ලබා දීමට ද තීරණය විය.
සයිබර් ආරක්ෂණය යනු හුදු තාක්ෂණික කරුණක් නොව, එය ජාතික ආරක්ෂාව සහ පොදුජන විශ්වාසය රඳාපවතින ප්‍රධාන සාධකයක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














