කතරගම – බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය සංචාරක කාන්තාවකගේ දකුණු අතට බරපතල තුවාල සිදුවී ඇති බව පොලිසිය වාර්තා කරයි. ඊයේ (10) සවස 5.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි අරියානා (Ariana) නමැති රුසියානු ජාතික කාන්තාවකි.
ඇය මුලින්ම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. යාල ජාතික වන උද්‍යානය මැදින් වැටී ඇති මෙම මාර්ගයේ වන අලින් නිරන්තරයෙන් ගැවසෙන බැවින්, සංචාරකයින්ට සහ රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් නැවතත් දැනුම් දෙයි.













