විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 2.30 ට නුවරඑළිය නගරයේදී පැවැත්වේ. විශේෂයෙන්ම මලෛයගම් ජනතාව මුහුණ දී සිටින මෙම ප්‍රබල සමාජ උවදුරෙන් ඔවුන් මුදාගෙන, සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙහි මූලික අරමුණයි.
මත්ද්‍රව්‍ය මර්ධන වැටලීම්වලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් 62 දෙනෙකු ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇත. සියලු පාර්ශවයන් ඒකාබද්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම රජයේ අපේක්ෂාවයි.














