ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 2026 ආසියානු රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණියහ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උමායා කුමාරසිරි ශිෂ්‍යාව කනිෂ්ඨ වායු රයිෆල් කාන්තා අංශයෙන් රිදී පදක්කම දිනාගත් අතර, මීටර් 10 වායු පිස්තෝල යෞවන කාන්තා ඉසව්වෙන් ප්‍රභා රහුමාන්, සිනදි කොඩිකාර සහ රේනියා රණසිංහ යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ. ජයග්‍රාහී ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් සහ දෙමාපියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.














