ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ගේන්ස්විල්හි කාර්යබහුල මහා මාර්ගයක් මතට සැහැල්ලු ගුවන් යානයක් අද (11) හදිසියේ ගොඩබෑමට කටයුතු කිරීම නිසා රථවාහන කිහිපයකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තනි එන්ජිමක් සහිත මෙම පුහුණු යානය ගුවන්ගතව සිටියදී එන්ජිමේ බලය අහිමි වීම හේතුවෙන්, ආසන්නතම ගුවන් තොටුපොළ වෙත යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා නියමුවා මෙම අවදානම් තීරණය ගෙන තිබේ.
යානය ගොඩබෑමේදී එහි තටුවක් අසල තිබූ වාහනවල ගැටී ඇති අතර, යානයේ ඉන්ධන ටැංකිය ගැලවී ගොස් මහා මාර්ගයේ ගමන් කළ SUV රථයක ගැටී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර, යානය මාර්ගය මතට කඩා වදින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතී.














